FAQ

අපගේ සේවාවන්

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ගොවියන් මූලික කරගෙන ශ්‍රී ලාංකීය ගොවින්ගේ කෘෂි නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබා දීමය. ඒ අනුව, කෘෂි නිෂ්පාදනයට මුල් වූ ශ්‍රී ලංකා ද්වීපයේ කෘෂි අංශය වැඩි දියුණු කිරිමේ අපේක්ෂාවෙන් නිරන්තරයෙන් ගොවියා ආරක්ෂා කර ගැනීමටත් පාරිභෝගිකයා සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් ලබා දීමටත් සම්ප්‍රදායික එළවළු අලෙවිය නව රටාවක් කරා ගෙන යාම ප්‍රමුඛතම පරමාර්ථය වේ.

  • + එළවළු මිළ තීරණය වීම.

    මෙහිදී අප හඳුනාගත් පරිදි නිරන්තරයෙන්ම දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිළ තිරණය කිරිමේදී ඉල්ලුම් සැපයුම් න්‍යාය පදනම් වන බව පැහැදිලිය. යම් යම් අවස්ථාවලදී ගොවියාට තම නිෂ්පාදන වියදමවත් ලබා ගැනීමට අවකාශ නොලැබෙන බව පෙනී ගොස් ඇත. එවන් අවස්ථාවලදී ගොවීන් අසීරු තත්වයට පත් වේ. ඉල්ලුම් සැපයුම් න්‍යාය මතම එළවළු මිළ තීරණය විම නිසා මිළ සඳහා හස්තයක් ලෙස ක්‍රියාත්මක කිරීමට කළමණාකරණ භාරයට අවකාශ නැත. මේ නිසාම මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර අප එළවළු මිළ යම් කිසි ස්ථාවර තත්වයකට ගෙන ඒමට ක්‍රියාමාර්ග කීපයක් අනුගමනය කිරීමට බලාපොරොත්තු වේ.

  • + ගුණත්වයෙන් ඉහළ එළවළු නිෂ්පාදනයක් ඇති කිරීම.
    • ඉතා කුඩා භූමි ප්‍රමාණයකින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට නිෂ්පාදකයාට (ගොවියාට ) හැකියාව ලබා දීම තුළින් ඉහළ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන ඇති කිරීම.
    • වගා කරනු ලබන භූමියේ පස් ආරක්ෂා කිරීමට ආයතනයක් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළ ස්ථාපනය කිරීම.
    • රසායනික පොහොර භාවිතයෙන් තොර නිෂ්පාදන ඇති කිරීමට ගොවියා පෙළඹවීම, එනම්
      * හරිතාගාර ක්‍රමයට වගා කිරීම
      * නව තාක්ෂණ ක්‍රම උපයෝගි කර ගැනීම.
    • දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන තුලින් ඉවතලන එළවළු/පළතුරු උපයෝගි කර ගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කර එම පොහොර ගොවින්ට සහනදායි මිළකට ලබා දීම.
    • ගුණත්වයෙන් හා විශ්වාසයෙන් යුතු බීජ වර්ග ගොවින්ට ලබා දීම හා ඒ සඳහා සැලසුම් කිරීම, එය ක්‍රියාත්මක කිරිම.
    • එළවළු ශුද්ධ කර, වර්ග කර, ඇසුරුම් කිරීමෙන් අනතුරුව ඉහළ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් පාරිභෝගිකයන් වෙත ලබා දීම.
    • එළවළු නිෂ්පාදකයාට (ගොවියාට) ඉහළ මිළක් ලබා දීම.
    • සන්නිවේදන මාධ්‍ය උපයෝගි කර ගනිමින් නිෂ්පාදකයා තුළින් ඉහළ නිෂ්පාදනයක් බිහි කිරීමටත්, පාරිභෝගිකයා මඟින් ඒවා මිළදී ගැනීමටත් පෙළඹවීම.
    • සාම්ප්‍රදායික එළවළු නිෂ්පාදන ක්‍රම නවීකරණය කිරීම සඳහා දිගින් දිගටම ගොවීන් දැනුවත් කිරීමේ වැඩ මුළු පැවැත්විම.

    එක් එක් බෝග වර්ගවල මිළ ගණන් සැලකිල්ලට ගෙන නිෂ්පාදන බිහි කිරීමට ගොවීන් දැනුවත් කිරීම.

    • එක් එක් බෝග වර්ගවල මිළ ගණන් වර්ෂය පුරා ලබා ගැනිම
    • එක් එක් බෝග වර්ගවලට ඉහළ මිලක් ලැබෙන හා අවම මිලක් ලැබෙන මාසය හඳුනා ගැනීම.
    • අවම මිළක් ලැබීමට හේතුව වැඩි දෙනෙකු එකම බෝගය වගා කිරීම බව පහදා දීම හා ඒ තුළින් ඒ ඒ කාල වකවානුව තුලදී වගා කළ යුතු බෝගයන් හඳුනා ගැනීම.
  • + කුඩා කර්මාන්ත ඇති කිරීම.

    දෛනික ඉල්ලුමට වඩා අතිරික්ත නිෂ්පාදන වෙළඳපලට පැමිණීම වැලැක්වීම මේ තුළින් අපේක්ෂා කෙරේ.

    කුඩා කර්මාන්ත ඇති කිරීම සඳහා ඉදිරිපත් වන පුද්ගලික ව්‍යවසායකයන්ට ඒ සඳහා අවකාශ ලබා දීම. මේ තුළින් එළවළු පළතුරු ආශ්‍රිත නිෂ්පාදන රැස් කිරිම තුළින් වෙළඳපල මිළ ස්ථාවර කිරීමට උත්සාහ කිරීම.

  • + මිළ කේවල් කිරිම වැලැක්වීම.

    විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරු දඹුල්ල, කැප්පැටිපොල, මීගොඩ, නුවරඑළිය, තඹුත්තේගම යන මධ්‍යස්ථානවල ඇති කර ඒවායින් දෛනික එළවළු, පළතුරු මිළ ගණන් ප්‍රචාරය කිරීම.

    පරිගණක ආශ්‍රයෙන් නිරන්තරයෙන් ආර්ථික මධ්‍යස්ථාන වල මිළ ගණන් එකම වේලාවක විකාශනය කිරීම . මේ තුළින් නිෂ්පාදකයා, තොග වෙළෙන්දා, සිල්ලර වෙළෙන්දා, පාරිභෝගිකයා මිළ පිළිබඳව නිරන්තරයෙයන්ම දැනුවත් කිරිම තුළින් අතර මැදි ක්‍රියාකාරකම් අවම කිරීම.

    මෙම ක්‍රියාවලිය දැනට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළ ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී මෙය ගොවීන් අතරට ගෙන යාමේ වැඩ පිළිවෙලක් ආරම්භ කිරීම.