කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය

වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්,ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය මඟින් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය කටයුතු අධීක්ෂණය හා ප්‍රතිපත්තීමය තීන්දු තීරණ ගැනීම අමත්‍යාංශය මඟින් සිදු වේ.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එල්.එල්.අනිල් විජේසිරි මහතා

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් ජේ.එම්.ඒ.ඩග්ලස් මහතා

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පුර්ණ පාලනය සහ කළමනාකරණය භාර ගැනීම හා මධ්‍යස්ථානය කාර්යක්ෂම ලෙස මෙහෙයවීම, කළමනාකරණය කිරිම සහ පවත්වා ගෙන යාම සඳහා තීන්දු තීරන ගැනීම හා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය පිහිටුවා ඇත.

කළමණාකරණ භාරයේ සංයුතිය

  • කළමනාකරණ භාරයේ සභාපති - අතිරේක ලේකම් (පාලන හා සංවර්ධන), වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්,ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය.
  • කළමනාකරණ භාරයේ ලේකම් - ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දඹුල්ල.
  • කළමනාකරණ භාරයේ සාමාජිකයින්
    නාගරික කොමසාරිස්, මහ නගර සභාව, දඹුල්ල.
    නියෝජ‍්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මාතලේ.
    සභාපති, වෙළඳ සංගමය, විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, දඹුල්ල
    විගණක, වෙළඳ සංගමය, විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය, දඹුල්ල.
    සභාපති, ඒකාබද්ධ ගොවි සංවිධානය
    ඇමති නියෝජිත

යටිතල පහසුකම්

මධ්‍යස්ථානයේ ශුද්ධ පවිත්‍ර කිරීම, සනීපාරක්ෂක පහසුකම් සැපයීම දෛනිකව කළමණාකරන භාරය විසින් ඉටු කරනු ලැබේ. මාර්ග පද්ධති මනාව පවත්වා ගෙන යාම, රථවාහන ගාල් කිරීමේ පහසුකම් සැපයිම. රථවාහන 1500 ක් පමණ දිනකට මධ්‍යස්ථානයට ඇතුළු වේ. ඒ සඳහා පහසුකම් සැපයීම මෙන්ම ආරක්ෂාව සැපයීම. විශේෂයෙන් රාත්‍රී කාලයේ මුළු මධ්‍යස්ථානයම ආලෝකමත් කිරීම මෙන්ම විදුලිය විසන්ධි වන අවස්ථාවලදී අතිවිශාල විදුලි ජනක යන්ත්‍රයක් මඟින් මුළු මධ්‍යස්ථානයම ආලෝකමත් කරයි. එසේම, රාත්‍රි බැංකු ඒකකයක් පවත්වාගෙන යාමද, පොලිස් මුරපලක් පවත්වාගෙන යාමද සිදු කරයි.

මෙම යටිතල පහසුකම් ඉතාම ඉහළ මට්ටමකින් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය කළමණාකරන භාරය විසින් පවත්වා ගෙන යාම සඳහා දැඩි වෙහෙසක් උනන්දුවක් දරයි. එහි ප්‍රතිලාභ වෙළඳපලට පැමිණෙන සියළු පාර්ශවයන්ට අත්විඳිය හැක.

පාලනය

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය මඟින් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සියළුම කටයුතු පාලනය හා මෙහෙයවීම සිදු කරනු ලබයි.

දඹුල්ල විශේෂිතප ආර්ථික මධ්‍යස්ථානයේ තීන්දු කීරණ ක්‍රියාත්මක කිරිම සඳහා කළමනාකරණ කාර්යාලයක් පිහිටුවා ඇති අතර කළමණාකාවරයෙකු හරහා මෙම ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි.