අප ගැන

ශ්‍රී ලංකා ආණ්ඩුවේ 1998 වර්ෂයේ අයවැය යෝජනාවලින්, ප්‍රාදේශීය විශේෂිත කැප වූ ආර්ථික මධ්‍යස්ථාන මේ රටේ පිහිටුවීම සඳහා එහි පළමු පියවර වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 115ක පමණ මුදලක් වැය කොට එළවළු තොග වෙළඳුන්ගේ , අවසාන වශයෙන් එළවළු නිෂ්පාදකයින්ගේ ප්‍රයෝජනය සහ ප්‍රතිලාභ සඳහා කාමර 144න් සමන්විත මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය 1999.04.01 වන දින විවෘත කරන ලදි.

දැක්ම

ගොවි සිතට සැනසිල්ල තුළින් දැයේ ප්‍රගමනය

මෙහෙවර

ශ්‍රී ලාංකිය ජනතාවට පරිභෝජනයට අත්‍යවශ්‍ය එළවළු/පළතුරු, ධාන්‍ය ඉතා පිරිසිදු සහනදායී මිළට සැපයීම තුළින් ලාංකිය මානව සම්පතේ එළවළු/පළතුරු අවශ්‍යතාවයට සෘජුවම දායකත්වය දෙමින් එළවළු නිෂ්පාදිත ගොවියන්ගේ නිෂ්පාදනයට ඉතාම සාධාරණ වූත්/ආකර්ෂණීය වූත් මිලක් ලබා දෙමින් පාරම්පරික එළවළු/පළතුරු නිෂ්පාදකයා ආරක්ෂා කරමින් ඉතාමත් ගුණත්වයෙන්/නාස්තියෙන් තොර වූ එළවළු/පළතුරු නිෂ්පාදනය ඇති කරලමින් නිරන්තරයෙන්ම එළවළු/පළතුරු ගොවියාගේ ආදායම වැඩි කරලීම තුළින් ගොවි ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම/ඒ තුළින් වැටී තිබූ දේශීය කෘෂිකර්මාන්තය ගොඩනැංවීම.

එළවළු තොග වෙළදාමේ නියුතු තොග වෙළෙන්දන් සැලසුම් සහගත ක්‍රමාණූකූල වූ තොග වෙළඳාමක් තුලින් ඔහුන්ගේ ආදායම ඉහළ නංවාලීම තුලින් දඹුල්ල ප්‍රාදේශීය සංවර්ධන ක්‍රියාදාමයන්ට සෘජුවම දායකත්වය ලබා දෙන අතරම 5,000 කට අධික පිරිසකට සෘජු රැකියා සපයමින් 15,000කට අධික පිරිසකට වක්‍ර වූ රැකියා සපයමින් දඹුල්ල ප්‍රදේශය මුළු ශ්‍රී ලාංකිය ජනතාවගේම මානව සම්පතක් ලෙස රැක ගනිමින් ඒ සඳහා ජීවය දෙමින් කැප වී වැඩ කිරීම අපගේ මෙහෙවර වේ.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පිහිටුවීමේ ප්‍රධාන අරමුණු

01. එළවළු හා පළතුරු තොග වෙළඳාම සඳහා වෙළඳපලක් ස්ථාපිත කිරීම.

02. අතර මැදියන්ගෙන් එළවළු හා පළතුරු ගොවියා ආරක්ෂා කර ගැනීම.

03. එළවළු හා පළතුරු පසු අස්වනු හානිය අවම කර ගැනිම.

04. එළවළු හා පළතුරු අපනයන වෙළඳාම දියුණු කිරීම.