වෙළඳපල ක්‍රියාකාරිත්වය
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය සමන්විත කඩ කාමර බදු ක්‍රමය යටතේ තෝරාගත් සුදුසුකම් ඇති ව්‍යාපාරිකයන් වෙත ලබා දී ඇති අතර ඔහුන්ගෙන් මාසිකව බදු මුදල් අය කරනු ලැබේ. එම බදු මුදල් උපයෝගි කර ගනිමින් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය කළමණාකරන භාර අරමුදල පිහිටුවා ඇති අතර එම මුදලින් මධ්‍යස්ථාන නඩත්තු කිරීම හා සියළුම සංවර්ධන කටයුතු ඉටු කරනු ලබයි.
මෙම වෙළඳපලට ගොවීන්, ව්‍යාපාරිකයන් සෘජු ලෙස සම්බන්ධ වන අතර බදු හිමියන් මෙම දෙපාර්ශවය සම්බන්ධ කර ගනුදෙනුව සිදු කිරීමේ පහසුකම ඇති කරයි. මේ සඳහා කඩ කාමර හිමියා කොමිස් මුදලක් අය කරනු ලැබේ.
ලංකාවේ අඩුම කොමිස් අය කරනු ලබන වෙළඳපල මෙය වන අතර මෙම ක්‍රමය ජනප්‍රිය වීමට ප්‍රධාන හේතුවක් වේ.
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දිවා රාත්‍රී වෙළඳපලකි. මෙම නිසාම දඹුල්ල නොනිදන නගරය ලෙස ප්‍රසිද්ධව ඇත. මෙම වෙළඳපල දැනට අළුයම 5.00 සිට මධ්‍යම රාත්‍රි 12 වශයෙන් වෙළඳපල කටයුතු සිදු වේ.
රු. 1.00 - රු. 9.50 = කිලෝවකට ශත 50 ක් /රු. 30.00 - රු. 60.00 = කිලෝවකට රු. 2.00 ක් /රු.60.00-රු. 99.00 = කිලෝවකට රු. 3.00 ක් /රු. 10.00 - රු. 29.50=කිලෝවකට රු. 01.00 ක් /රු. 100.00 වැඩි = කිලෝවකට රු. 5.00 ක් අය කරයි.
මෙම වෙළඳපලේ විශේෂත්වය වන්නේ ඉල්ලුම සැපයුම අනුව මිළ තීරණය විමයි.
වෙළඳපලේ ක්‍රියාකාරිත්වය තුලදී සෘජු ලෙස පහත සඳහන් පාර්ශවයන් දැක ගත හැක. මෙම පාර්ශවයන් කළමණාකරන භාරය සමඟ සම්බන්ධ වෙමින් මධ්‍යස්ථාන කටයුතු පවත්වා ගෙන යාමට සහයෝගය ලබා දේ.
- වෙළඳුන් නියෝජනය කරමින් :- රංගිරි දඹුළු විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය
- ගොවීන් නියෝජනය කරහමින් :- සී.ස. රංගිරි දඹුල්ල (ජනතා) ගොවි සමාගම
- කම්කරුවන් නියෝජනය කරමින් :- කම්කරු සංගමයද ඒ අතර වේ.
- ශ්‍රී ලාංකික එළවළු නිෂ්පාදනයෙන් 60%-70% ක් පමණ ප්‍රමාණයක් වෙළඳපල හරහා හුවමාරු වේ.
- දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එක් දිනක් තුලදී රථ වාහන 1,000-2,000 ප්‍රමාණයක් පැමිණෙන අතර විශේෂ කාලවලදී (සිංහල අළුත් අවුරුදු) 3,000-5,000 රථ වාහන ප්‍රමාණයක් පැමිණේ.
- දෛනිකව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුලට වෙළඳ මහතුන් සහ ගොවි මහතුන් 10000-15000 අතර ප්‍රමාණයක් පැමිණේ.
- දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම මධ්‍යස්ථානයට එළවළු තොග පැමිණෙන අතර සියළුම ප්‍රදේශ ආවරණය වන පරිදි බෙදාහැරීම සිදු වේ.
- මධ්‍යස්ථානය තුළ දිනකට හුවමාරු වන එළවළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2,500-4,000 ක් අතර වේ.
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ගැනුම් කරුවන් :-
තොග සහ සිල්ලර වෙළඳසැල් සඳහා | ගිවිසුම්ගත සැපයුම් කරුවන් | මැහි වෙළඳාම |
පොළ වෙළෙන්දන් | බෙදාහරින්නන් | සුපර් මාර්කට්/සංචාරක හෝටල් |
හමුදාව/පොලිසිය |